Thrimana Moonstone
136/A, විශ්වවිද්‍යාල මාවත, රත්තණපිටිය, බොරලැස්ගමුව යන අප ස්ථානයේ පිහිටි අංග අතරින් ප්‍රධානතම කොටස වන්නේ අප විසින් සිතුවම් කර ඇති විශේෂිත සඳකඩපහනයි. අප විසින් වසර 12කට අධික කාලයක් අනුරාධපුරයේ බිසෝ කොටුවේ ඇති සඳකඩපහන පිළිබඳව සිදු කරනු ලැබූ පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස නිර්මාණය කළ මෙම සිතුවමේ විශේෂත්වය වන්නේ මෙම සිතුවම සම්පූර්ණ කාමරයක අංශක 360ක් ආවරණය වන පරිදි ත්‍රිමාණව සිතුවම් කර තිබීමයි.

ඔබට මෙවැන්නක් දැකිය හැකි ලෝකයේ එකම ස්ථානය මෙය වන අතර සඳකඩපහන කැටයමෙන් කියවෙන විලක මතු පිට දර්ශනය සහ එහි සංඛේත ඔස්සේ කියවෙන ගැඹුරු ධර්ම කරුණු පිළිබඳව මේ තුළින් මනා දැනුමක් ලැබිය හැක. නොමිලේ දේශන වෙනුවෙන් වේලපහ දින සහ වෙලාවන් වෙන් කිරීමට කාරූණිකවන්න (සාමාන්‍ය ජනතාව සඳහා: මිනිත්තු 30යි | ස්වාමීන් වහන්සේලා, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන්, ඉතිහාස සහ පුරාවිද්‍යා නිළධාරීන් සඳහා: පැය 2යි)
Thrimana Art Gallery
අප ස්ථානයේ පිහිටි කලාගාරය වෙත ඕනෑම අයෙකුට, ඕනෑම අවස්ථාවක පැමිණිය හැක (ඇතුළුවීම නොමිලේ). මෙම කලාගාරය තුළින් ඔබට විවිධ කලානිර්මාණ මෙන්ම, ඉපැරණි කෞතුක වස්තූන් රාශියක් නැරඹීමේ අවස්ථාව ලැබේ.
Rambodagalla Museum
අප කලාගාරයේ අනු කොටසක් ලෙස රම්බොඩගල්ල බුදු පිළිම ව්‍යාපෘතියේ කුඩා කෞතුකාගාරය සැළකිය හැක. මෙම කොටසේදී ලෝකයේ විශාලතම ග්‍රැනයිට් බුද්ධ ප්‍රතිමාව නොහොත් කුරුණෑගල රම්බොඩගල්ල බුද්ධ ප්‍රතිමාව කැටයම් කරන අවස්ථාවේ ගත් සුවිශේෂී ඡායාරූප, භාවිතයට ගත් උපකරණ, ශිල්පීය දැනුම, ආදර්ශක පිළිම, ඇඳුම් පැලදුම්, මුද්‍රිත මාධ්‍යයන්හී පල වූ ලිපි ආදී බොහෝමයක් දෑ සියැසින් දැක බලා ගත හැක.
Thrimana Instant Sticks
අපගේ ප්‍රමුඛ නිෂ්පාදනයක් වන සුවඳ වර්ග තුනකින් සමන්විත ත්‍රිමාණ සඳකඩපහන සුවඳ කූරු දැන් සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ ඉතාමත් සහන මිලකට ඔබට අප පරිශ්‍රයෙන් මිලදී ගැනීමේ අවස්ථාව ඇත. අපගේ හඳුන්කූරු නිෂ්පාදනවල ඇති විශේෂත්වය වන්නේ, මේවා කිසිවිටෙකත් ඩස්ට්බින් දැමීම තහනම් වීමයි.

මේ සෑම හඳුන්කූරු පෙට්ටියකම සඳකඩපහනේ සංඛේත ඔස්සේ අධ්‍යනය කළ හැකි හේතුපල දහම පිළිබඳ පාඩම් කොටස් ඇතුළත් වේ. එමෙන්ම එහි සඳහන් කරුණු හොඳින් ධාරණය කිරීමෙන් අනතුරුව එම කරුණු නැවත අභ්‍යාස කිරීමටද පහසුකම් සලසා ඇත. අපගේ සියලුම හඳුන්කූරු පෙට්ටි එකතු කිරීමෙන් අනතුරුව ඔබට පිටු 12කින් සමන්විත සම්පූර්ණ පොත් පිංචක් නිර්මාණය කර ගත හැක. සම්පූර්ණ පැකේජයම එකවර මිලදී ගැනීමේදී, සඳකඩපහනේ ආකෘතියක් නොමිලේ ලැබේ. ඔබට ඔබගේ දරුවන්ට, දෙමාපියන්ට, නෑදෑයින්ට දිය හැකි උතුම්ම ත්‍යාගය මෙයයි!
Thrimana Publications
වසර 12ක අඛණ්ඩ පරීක්ෂණයක ප්‍රතිපලයක් ලෙසින් බිහි වූ අනුරාධපුර බිසෝ කොටුවේ සඳකඩ පහන තුළින් කියවෙන ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු මුල සිට අගට, සරලව, පියවරෙන් පියවර, ඉතාමත් ප්‍රායෝගිකව විස්තර කර ඇති මෙම කෘතිය, ඔබට අප පරිශ්‍රය තුළින් කියවීමේ අවස්ථාව ඇත. එමෙන්ම මෙය වර්ණ පොතක් ලෙස පිටපත් විශාල ප්‍රමාණයකින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අපට දානපති අනුග්‍රහකභවතුන්ගේ සහය අත්‍යාවශ්‍යයම මොහොතකි මේ.
Thrimana Auditorium
ත්‍රිමාණ පරිශ්‍රයේ ඇති තවත් කොටසක් වන්නේ අපගේ ශ්‍රවණාගාරයයි. මෙම ශ්‍රවණාගාරය තුළ සඳකඩපහන සම්බන්ධව අධ්‍යාපනික වටිනාකමක් ඇති විවිධ දේශන මාලාවන් වීඩියෝ වැඩසටහන් අනුසාරයෙන්, ඩිජිටල් තිර හරහා නොමිලේ ප්‍රදර්ශනය කරනු ලබයි. විශේෂ ඉල්ලීම් යටතේ පන්සල්, දහම් පාසල්, පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා නොමිලේ ජංගම දේශන පැවැත්වීමටද අප සූදානම්!
Thrimana Merit Offerings
වසර කිහිපයකට සැරයක් අප විසින් සිදු කරනු ලබන ප්‍රධානතම පිංකමක් වන්නේ වසර දෙදහස් ගණනකට පෙර අනුරාධපුර බිසෝ කොටුවේ පිහිටි සඳකඩපහන නිර්මාණය කිරීමට දායක වුණු කැටයම් ශිල්පීන්ට පිං අනුමෝදන් කිරීමේ පිංකමයි. එම පිංකම අනුරාධපුර අභයගිරි ආරාම සංකීර්ණයේ බිසෝ කොටුව ආශ්‍රිතව තෝරාගත් ස්ථානයක සිදු කෙරෙන අතර සම්බුද්ධ පූජා පිංකම, ධර්ම දේශනා පිංකම, පිං අනුමෝදන් කිරීම සහ පැන් වැඩීම, ඩිජිටල් තිර ඇසුරෙන් ධර්ම දානමය පිංකම, සාංඝික දානමය පිංකම යන ආදී වශයෙන් පරිවාර පිංකම් කිහිපයකින් යුක්තවේ.