Anjana Rodrigo
077 912 2962
Tharaka Rodrigo
077 419 1391
කොළඹ නගරයත් බොරලැස්ගමුව නගරයත් අතර දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝ මීටර 13කි.
අප ස්ථානයට කොළඹ සිට පිවිසෙන්නේ නම් කොළඹ - හොරණ මාර්ගයෙන් පැමිණ,
රත්තණපිටිය හංදිය පසු කළ යුතුවේ. ඉන්පසුව ඉදිරියෙන් හමු වන ජී.එච්.පෙරේරා මාවතෙන්
හැරී (පාරේ වම් පස ඇති Pizza Hut අවන්හල අසල), මාවත දිගේ මීටර් 550ක් පමණ
ඉදිරියට ගොස්, වමට හැරී මීටර 300ක පමණ දුරක් යන විට
(විශ්වවිද්‍යාල මාවතට පිවිසෙන ස්ථානයේ) මෙම ස්ථානයට පිවිසිය හැක.
බොරලැස්ගමුව නගරය හරහා පිවිසෙන්නේ නම්, පිල්ලෑව වෙල් යාය පසු කරනවාත් සමගම
මාර්ගයේ දකුණු පෙදෙසෙන් ජී.එච්.පෙරේරා මාවතට ළගා විය හැක.
එසේත් නොමැති නම් කොළඹ - රත්නපුර මාර්ගයේ පැමිණ,
දෙල්කද හංදියෙන් දකුණට හැරී මීටර් 650ක් ඉදිරියට යන විට ඇති
පන්සල පාරෙන් හැරිය යුතුවේ.
නැතහොත් විජේරාම මංසන්ධියෙන් හැරී සෝරත මාවත ඔස්සේ පැමිණ,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසු කරනවාත් සමගම
මාර්ගයේ දකුණු දිශාවෙන් පිහිටි ශ්‍රී පේමානන්ද මාවතෙන්
(විශ්වවිද්‍යාල පාර) හැරිය යුතු වන අතර,
මීටර් 750ක් පමණ ඉදිරියටම ගමන් කර,
ඉදිරියෙන් හමු වන පන්සල පාරෙන් හැරිය යුතු වේ.
විජේරාම පෙදෙසට පැමිණීම සදහාද කොළඹ - රත්නපුර මාර්ගය භාවිතා කළ හැක.