Rambodagalla Buddha Statue
ග්‍රැනයිට් පාෂාණයෙන් කැටයම් කරන ලද ලොව විශාලතම කළු ගල් බුද්ධ ප්‍රතිමාව නොහොත් කුරුණෑගල රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමාව කැටයම් කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භකම සාමාජිකයෙක් ලෙස ව්‍යාපෘතිය අවසන් වන තෙක්, එනම් 2003 වසරේ සිට 2015 වසර දක්වා සහභාගී වීමට හැකි විය. එමෙන්ම ශිල්පීන් 11ක පමණ කණ්ඩායමෙන් එකම ශ්‍රී ලාංකික කැටයම් ශිල්පියා වීමටද වාසනාව ලැබිණි.
Moonstone Practice Area
තිස්සමහාරාම උඩුවිල ගංගාරාම රජමහා විහාරයේ ලොව ආදර්ශමත්ම ලෝක පුදුමය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන මූර්ති සහ නිර්මාණ ශිල්පියා ලෙසින් දායකත්වය ලබා දීමට හැකි විය. මෙහි විශේෂත්වය වන්නේ අනුරාධපුරයේ බිසෝ කොටුවේ ඇති සඳකඩපහන කොටස් වශයෙන් ත්‍රිමාණව නිර්මාණය කර තිබීමයි. මෙම ස්ථානයෙන් සඳකඩපහනේ ඒ ඒ කොටස්වලින් සංඛේතවත් වන ගැඹුරු ධර්ම කරුණු රූප මාධ්‍යයෙන් ඉතාමත් ක්ෂණිකව වටහා ගැනීමේ හැකියාව ලබා ගැනීමට අමතරව එම මූර්තීන් මත ඒ ඒ ධර්ම කරුණු අභ්‍යාස කිරීමටද ඉඩ අවකාශය ලබා දී තිබේ.
Viru Sisu Statue
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විරු සිසු ප්‍රතිමාවේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙසින්...
Nelligala International Buddhist Centre
මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මූර්ති සහ චිත්‍ර නිර්මාණ කටයුතු සඳහා සහාය වෙමින්...
Guruge Nature Park
ජාඇල Guruge Nature Park පරිශ්‍රය නිර්මාණය කිරීම සඳහා සහායක මූර්ති ශිල්පියෙකු ලෙස සහභාගී විය.
Kuragala Ancient Buddhist Monastery
කූරගල රජමහා විහාරස්ථානයේ සහායක මූර්ති ශිල්පියෙක් ලෙසින්...
Most Venerable Soma Thero
දෙල්කඳ ගංගොඩවිල පිහිටි අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ප්‍රතිමාව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේදී... ප්‍රවීණ මූර්ති ශිල්පී භරත කුමාර ලියනගේ ගුරුපියාණන් යටතේ සහායක මූර්ති ශිල්පියෙකු ලෙස දායක විය.
Jathika Shilpa Saba
සේනක ද සිල්වා මහතාගේ සහායකයෙකු ලෙසින් ජාතික ශිල්ප සභාවේ වැඩකටයුතුවල යෙදෙමින්...
Fashion Industry
සේනක ද සිල්වා මහතා යටතේ සහායකයෙකු ලෙසින් මෝස්තර නිරූපන සහ විලාසිතා ක්ෂේත්‍රයේ කටයුතු සඳහා සහයාවෙමින්...
Other Projects
තවත් ව්‍යාපෘති කිහිපයක්...